Saturday, 27 April 2024

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද තැපෑලට

Posted On Friday, 25 October 2019 08:32

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා අද තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු විය.



මීට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා භාර දීම නිළ වශයෙන් සිදු විය.

 ඉන් අනතුරුව මෙම නිල ඡන්ද පත‍්‍රිකා සතියේ දිනයන්ට අමතරව නොවැම්බර් මස 03 බෙදා හැරීම සිදු කරන බව බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.

නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් කීය.

තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම පසුගිය 15 දින සිදු කළ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම පසුගිය 18 දින සිදු කළේ ය.

එමෙන් ම තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකාව බෙදා දීමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් 03 දින කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 09 දින අවසන් වෙයි.

එමෙන් ම යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලවට ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( පර්යේෂණ හා සැලසුම් ) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට දන්වා සිටියේ ය.

Read 562 times