Saturday, 27 April 2024

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (31)ආරම්භ වෙයි.මෙහි දෙවැනි දිනය හෙට (1) ක්‍රියාත්මක වෙයි.

Posted On Thursday, 31 October 2019 08:21

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.



අදාළ දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්දය භාවිතා කෙරෙන අදාළ සේව ස්ථාවල සියලු පහසුකම් සළසන්නැයි තේරිම්භාර නිලධාරින් මඟින් දිවයිනේ ම සියලු සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා යවා ඇතැයි ද මතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්දය භාවිතා කිරීමට වලංගු හැඳුනුම්පතක් අත්‍යාවශ්‍ය වෙයි. ඒ අනුව,ජාතික හැඳුනුම්පත,වලංගු රියදුරු හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය,විශ්‍රාම වැටුප් හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත,භික්ෂු භික්ෂුණී හැදුනුම්පත,ග්‍රාමනිලධරී තාවකාලිකව නිකුත් කළ හැදුනුම්පත,වතු අධිකාරි විසින් නිකුත් කරන සහතික පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙයි.

ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුළ සේවා ස්ථාන හා ඒ අවට ආරක්ෂාක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය සේවයේ අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා තිබේ.මෙවර 7,17,871ක් තැපැල් ඡන්ද ඉල්ලුම් කර තිබුණි.

Read 534 times Last modified on Thursday, 31 October 2019 08:23