Wednesday, 01 May 2024

 

ව්‍යාපාරික දිනේෂ් ෂාෆර්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු වෙතයොමු කර ඇති රජයේ රස පරීක්ෂක වාර් තා ලබා ගන්නා ල‍ෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20)අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනලදී.

 මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති රුධිර සාම්පල කිහිපයක් ඇතුළු ද්‍රව්‍යවලට අදාළ විශ්ලේෂණවාර්තා අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නිරීක්ෂණය කළාය.

 ෙමෙම වාර්තා රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස්පොලිසියට නියෝග කළේය‍

අවශ්‍ය නම් මෙම වාර්තා සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් කිරීමට ද හැකියාව පවතින බව අතිරේකමහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

 පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට සහ මරණයට හේතුව සොයා ගැනීමට පත්කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගියදා ගොඩගන තිබිණි. 

Posted On Tuesday, 20 June 2023 18:00

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 ඔවුන්ගේ සාකච්ඡාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කළේය. දේශගුණික විපර්යාසආමන්ත්‍රණය කිරීම සඳහා උපාය මාර්ග හුවමාරු කරගත් අතර මෙම ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මැදිහත්වීම්ගවේෂණය කළ බව මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි

Posted On Tuesday, 20 June 2023 17:40

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක ස්මාර්ට් පන්තිකාමර

Posted On Tuesday, 20 June 2023 05:47

"අරගලය" ක්‍රියාකාරීන්ට නඩුව

Posted On Tuesday, 20 June 2023 05:43

 

එක්සත් රාජධානියේ රජයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (ඩීසීටීඑස්) ඊයේ ක්‍රියාත්මක වූ බව ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පැවසුවාය.

 එය ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලී මනාප වෙළඳ යෝජනා ක්‍රමයක් බවත්, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දැන් 92% භාණ්ඩසඳහා තීරුබදු රහිතව එක්සත් රාජධානිය සමඟ වෙළඳාම් කළ හැකි බවත් ඇය කියා සිටීයා ය.

මෙම යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ද ප්‍රතිලාභ හිමිවන බව ඇය පැවසුවාය.

Posted On Monday, 19 June 2023 22:10