Monday, 29 April 2024

මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් ආපසු කොළඹට

Posted On Tuesday, 30 May 2023 04:51

 

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 843ක ආනයන තහනම ඉවත් කර තිබේ.

රජයේ මෙම තීරණයට අනුව භාණ්ඩ රැසක මිල අඩුවීමට ඉඩ ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට සමාන රජයේ තීරණය ගෙන ඇත.

Posted On Monday, 29 May 2023 10:23

ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවෙන් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නෞකාවේ දී රෝගාතුර වූ විදේශීය ජාතිකයෙකුට සහය ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28)සවස පියවර ගෙන ඇත.

රෝගාතුර වූ පුද්ගලයා NERU XINRUI නැමති ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිට ඇති අතර ත්‍රිකුණාමලයට රැගෙන ඒමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු කර තිබේ. චීනයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ NERU XINRUI නැමති ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි විදේශිකයෙකු රෝගාතුර වී ඇති බවට නැගෙනහිර නාවික විධානයට දන්වා ඇත.

හදිසි තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව විසින් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත P 115 දරණ වෙරළ මුර යාත්‍රාව රෝගියා ගොඩබිමට රැගෙන ඒම සඳහා නියමිත මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. රෝගියා නෞකාවේ සිට නාවික යාත්‍රාවට මාරු කිරීමෙන් පසු ප්‍රථමාධාර ලබා දෙමින් ඊයේ (මැයි 28) නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එන ලදී. පසුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

Posted On Monday, 29 May 2023 10:15

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ වීඩියෝ පළ කළ බවට චෝදනා කරමින් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ඊයේ (28)රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. දේශපාලන නායකයින්ට අපහාස වන ආකාරයේ වීඩියෝ පට ද උන්වහන්සේ විසින් පළ කර ඇති අතර, සද්ධාරතන හිමි අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Posted On Monday, 29 May 2023 10:09

 

විකට ප්‍රසංගයකදී ආගමික විශ්වාසයන්ට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.

ඇය කටුනායකදී මැලේසියාව බලා යන ගුවන් යානයකට ගොඩවීමට උත්සාහ කරමින් සිටියදී BIA හි දී අත්අඩංගුවට ගෙන ඇත.

Posted On Monday, 29 May 2023 09:55