Saturday, 27 April 2024

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පන් වූවන්ට සහන සැලසේ

Posted On Tuesday, 23 July 2019 06:25

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බව අපදා කළමනාකරණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම් රවී ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී පවසා සිටියේ ය.



එහිදී අඳහස් දැක්වූ රවී ජයවර්ධන මහතා; දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බල පෑ අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක 7194 ක පමණ ජනතාව පිඩාවට පත්ව ඇති බව සඳහන් කළේ ය.

 දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළං බස්නාහිර සිට නිරිත දිශාවෙන් හමන අතර, පුත්තලම සිට කොළඹ , ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ වල වේගය පැ.කි.මී. 40-50 ත් වන අතර මෙම
මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි බව හා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති බැවින් නාවික හා ධීවර කටයුතු වල යෙදෙන පුද්ගලයින් හට අවධානයෙන් සිටින්නැයි දැනුම් දී ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ ය.

වියළි කාළගුණය හේතුවෙන් තල්වත්ත ලිදුල රක්ෂිතයේ ලැව් ගිනි තත්වයක් ඇති වූ බවත්, එම තත්ත්වය මේ වන විට මැඩ පවත්වා ඇති බවත්, පැවසූ හෙතෙම මේ වන විට අවතැන් වූ පුද්ගලයින් සඳහා සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මේ වන විට ආරක්‍ෂිත තාවකාලික ස්ථාන 08 ක පවුල් 39 ක පුද්ගලයින් 171 දෙනක් රඳවා ඇති බවත් පැවසිය.

අදාළ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සහන සේවා සේවා මධ්‍යස්ථානය හා ඒකාබද්ධව අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බවත් ඒ මහතා පැවසිය.

නිවාස හා දේපොළ සහ ජිවිත හානි මෙන්ම හානි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් චක්‍ර ලේඛ අනුව වන්දි ලබා දීමට කටයුතු කරන බවත්, ඒ පුද්ගල ජිවිත හානි සඳහා එක පුද්ගලයෙකුට ලක්ෂ්‍ය බැඟින්ද, අනෙකුත් නිවාස හා දේපොළ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ඇස්තමේන්තුව උපරිමය ලක්‍ෂ 25 ක් දක්වා වූ වන්දි පිරිනැමීමට කටයුතු කරන බවත් රවී ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.