Saturday, 27 April 2024

උපාධිධාරීන් 16800ක් රජයේ සේවයට බඳවාගැනේ

Posted On Wednesday, 24 July 2019 08:33

රැකියා විරහිත උපාධිධාරීන් 16800ක් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී තිබේ.



මේ අනූව ප්‍රථමයෙන් 2012 රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධි ලබාගෙන ඇති උපාධිධාරීන්ද අනතුරුව 2013 සිට 2016 දක්වා වර්ෂ වල උපාධිධාරීන් අනුපිළිවෙලින් බඳවා ගැනීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කොට තිබූ යෝජනාවේ දැක්වේ.