Sunday, 05 May 2024

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමුන්ගේ මන්දපෝෂණ මට්ටම හෙළි කළ වෛද්‍යවරයකු විසින් වැඩ කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද   පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. 

"රාජ්‍ය නිලධාරීන්ට සමාජයේ ඉතා වැදගත් කාර්යයක් ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට ලබා දී ඇති බලය නිරපේක්ෂ නොවේ. ඔවුන් අත්‍යවශ්‍යයෙන්ම එවැනි බලතල මහජන යහපත සඳහා භාවිතා කළ යුතුය, එවැනි බලයක් ඔවුන්ට පවරා ඇති අරමුණු ඉදිරියට ගෙන යාමට බව, ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම්පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නිරීක්ෂණය කළේය. 
පෙත්සම්කරු වන වෛද්‍ය ගල්මන්ගොඩ ගුරුගේ චමල් 2022 ඔක්තෝබර් 25 දිනැති ලිපියෙන්, තමාගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය අවලංගු කිරීමේ නියෝගයක් ඉල්ලා සිටියේය.  සූරියවැව ප්‍රදේශයේ ළමුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ අදාළ වෛද්‍යවරයා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
 
සමාජ සාමය ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය සම්බන්ධ මෙවැනි නොසැලකිලිමත් හැසිරීම් වලක්වා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය. පෙත්සම්කාර වෛද්‍යවරයා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නිරීක්ෂණය කළේය "රාජ්‍ය නිලධාරීන්ට සමාජයේ ඉතා වැදගත් කාර්යයක් ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට ලබා දී ඇති බලය නිරපේක්ෂ නොවේ. ඔවුන් අත්‍යවශ්‍යයෙන්ම එවැනි බලතල මහජන යහපත සඳහා භාවිතා කළ යුතුය, එවැනි බලයක් ඔවුන්ට පවරා ඇති අරමුණු ඉදිරියට ගෙන යාමට බව, "විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 
හම්බන්තොට ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මෙන්ම මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති දරුවන් ද සිටින බවත්, සමස්තයක් ලෙස ගත් විට වයසට සරිලන බර ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බවත් පෙත්සම්කරු කියා සිටියේය. ඔහු විසින් කරන ලද සමීක්ෂණයට අනුව, ප්‍රදේශයේ ළමුන්ගෙන් 50-80% පමණ මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.
කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීහු ප‍්‍රකාශ කළේ, ළමා සායන කාඩ්පත් 20ක් පදනම් කර ගත් සමීක්ෂණයක් මත පදනම්ව, යම් ප‍්‍රදේශයක මන්දපෝෂණය පිළිබඳ සමස්ත ප‍්‍රතිශතයන් පිළිබඳ නිගමනයකට පැමිණ තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම වැරදි බවයි. නිගමනයට පැමිණීමේදී තමන් සැලකිල්ලට ගත් සාම්පලය සත්‍ය වශයෙන්ම සායන කාඩ්පත් 20ක් බව පෙත්සම්කරු ප්‍රතික්ෂේප කර නොමැති බවද වගඋත්තරකරු පවසයි.
 
පෙත්සම්කරු පවසන්නේ 2022 සැප්තැම්බර් 19 හෝ ඊට ආසන්න දිනකදී 'වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය වෛද්‍ය සංගමයේ' සභාපතිවරයා ලෙස තමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයට ගොස් ළමුන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත් වු බවයි.
 
Posted On Wednesday, 31 May 2023 19:29

උපාධි සහතික නැත - යාපනය විශ්වවිද්‍යාල සිසුන් අන්ත අසරණ තත්ත්වයක

Posted On Thursday, 01 June 2023 06:42

දූෂණ විරෝධී ව්‍යාපාරයේ නාමල් කුමාර කරන ලද පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි පරීක්ෂණය ජූලි 19 වැනිදා

Posted On Thursday, 01 June 2023 06:07

අභිනවයෙන් පත්කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වඩුන්නාගල පබ්බත විහාරය විනාශ කිරීමට වගඋත්තරකරු ලෙස නම් කෙරේ

Posted On Thursday, 01 June 2023 06:00

රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි

Posted On Thursday, 01 June 2023 05:46 Written by