Editor

Editor

මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිලට දැවැන්ත සහනයක් ලබාදීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධන කිරීමෙන් වළකින්න- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

කොරෝනා වසංගතය යළිත් ඉස්මතු විම හේතුවෙන් සමාජය තුළ බිය හා සැකය ද මතුවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ තුළ අනවශ්‍ය තදබදයක් ඇතිව ඇතැයි මඟි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශ වලට ඡන්ද පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව නවතා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (14) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණයට අදාළ පැමිණිලි 2926ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

 

 

 

වරාය සේවකයක් ගෙන ගිය වර්ජනය ඉකුත් ජුනි 03 අවසන් කෙරිණ. කොළඹ වරායට ගෙනැවිත් තිබුණ ග‍්‍රැන්ටි දොඹකර තුනක් වරායට ගොඩබාන අවසරය ලැබුණ අතර වෘත්තීය වරාය අධිකාරිය විසින් ජය පර්යන්තය සදහා ගෙන්වන ලද මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකර රජයේ ආයෝජනයෙන් වරාය පුලුල් කරන ව්‍යාපෘතිය අරඹන්නට මෙම වර්ජනයේ දී වෘත්තීය සමිති වලට උවමනා කර තිබුණි.
තතු දත් සහ නමින් පෙනී සිටින්නට අකමැති විද්වත් මතය අනුව මෙරටට ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර නැගෙනහිර පර්යන්තයට නොගැලපෙන අතර එම පර්යන්තය මීටර් දහ අටකට වැඩි විශාල නැව් සදහා වෙන් කර ඇති බව සදහන් කරයි. ජය පර්යන්තය හා දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය මීටර් පහලොවකට අඩු අතර 1990 දී තිබුණ කන්ටේනර් මෙහෙයුම් ධාරිතාව පන් දහසක ප‍්‍රමාණයේ සිට පස් ගුණයකින් දැනට වැඩි කර ඇති අතර එම පර්යන්ත දෙක මධ්‍ය පරිමාන නැව් සදහා භාවිතා වන බව දැක්වෙයි.
නැගෙනහිර පර්යන්තය විශාල නැව් වලින් මෙහෙයුම් කරන ශක්තිය ඇති විශාල ග‍්‍රැන්ටි දොඹකර අවශ්‍ය වනු ඇති අතර දැනට වරාය අධිකාරිය විසින් ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර තුන ජය පර්යන්තයට වැඩි ප‍්‍රයෝජනයක් අත් පත් කර දෙන්නේ නැති බව ද දක්වයි. වරාය වෘත්තිය සමිති නියෝජිතයන් අගමැතිවරයා සමග කළ සාකච්ජාව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව සියළුම වෘත්තීය සමිති නායකයන්ට මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකරන අවශ්‍යතාව අවධාරණය කරන ලද බව දක්වයි. එයට අනුව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ අරමුණ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය, පුද්ගලික අයෝජනයක් වශයෙන් පුද්ගලීකකරණය කිරීමේ අදහස නතර කිරීම බව වරාය ක්ෂේත‍්‍රයේ මතය වී තිබේ.
මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමවේ දී නැගෙනහිර පර්යන්තය දියුණු කිරීමට සැලැස්මක් තිබුණ අතර ඇමරිකානු ඩොලර් මිලියන 85 ක් වැයවෙතැයි ගණන් බලා තිබුණි. රජය එම ආයෝජනයට අපොහොසත් වූ අතර වසර හයක් කිසිම නවීකරණයක් සිදුවූයේ නැත. 2019 මැයි මාසයේ දී රජය සහයෝගීතා ගිවිසුමක් ඉන්දීය හා ජපාන ආණ්ඩු සමග අත්සන් කරන ලද අතර එමගින් නැගෙනහිර වරාය වැඩි දියුණු කෙරේ. එම ආයෝජනයේ දී පර්යන්තයේ සියයට සියයක අයිතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන අතර මෙහෙයුම් වලින් සියයට පනස් එකක් ද වරාය අධිකාරියට ලැබේ. ඉන්දියාව හා ජපානයට මෙහෙයුම් වලින් කොටස් සියයට 49 ක් හිමිය. ජපන් ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 40 ක මෘදු ණයක් සියයට 0.1 ක පොලියකට වසර සහයක ආපසු නොගෙවිය යුතු කාලයක් ද සහිතව ලබා දෙන්නට එකග වී තිබේ.
මෙම පුවත සම්බන්ධ ඉංග‍්‍රීසි ලිපිය තවත් විස්තරාත්මකව කියැවිය හැකිය.

 http://counterpoint.lk/jcts-gantry-cranes-for-the-east-container-terminal/

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුරු වැනි තවත් ආසාදිත පොකුරු බිහි වීම වැළැක්වීම සඳහා මහජනතාව තවදුරටත් කාර්යාල, මහාමාර්ග, පොදු ප‍්‍රවාහන සේවා, බස් නැවතුම්පළවල්/දුම්රිය ස්ථාන, පොළවල්, බැංකු, හෝටල්, තැපැල් කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ යටතේ අදාළ පොදු ස්ථානවල ගැවසීමේදී මුඛය හා නාසය හොඳින් ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් පැළඳීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම, හොඳින් සබන් යොදා දෑත් සේදීම, විෂබීජනාශක දියරයක් මගින් දෑත් පිරිසිදු කර ගැනීම මෙන්ම එම ස්ථානවල ශරීර උෂ්ණත්වය මනින්නේනම් එය මගනොහැර එම පරීක්ෂාවට සහාය දීම යන පිළිවෙත් මෙම දිනවල අනිවාර්යයෙන් අනුගමනය කිරීමෙන් ප‍්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

කොරෝනා ආසාදිත පොකුරක ස්වභාවය කිව නොහැකි නිසා මෙම අවස්ථාවේ මහජනතාවට මෙම වෛරසය ප‍්‍රජාව තුළ පැතිරීම වැළක්වීම සඳහා කළ හැකි එකම දෙය මෙම සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් තම කටයුතු සිදු කිරීම බවත් පොදු ප‍්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් භාවිත කිරීම යෝග්‍ය බවත් හෙතෙම අවධාරණය කළා.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ බස් රථ හා දුම්රියවල, රෝහල් ඇතුළු වැඩි දෙනෙකු ගැවසෙන ස්ථාන ආශ‍්‍රිතව කොරෝනා ආසාදිත පොකුරු ඇති වීම වැළක්වීම සඳහා හැකිතාක් පවතින තදබදය අවම කරගත යුතු බවයි.

 

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙම සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇති බවට වාර්තා පළ වනවා. 

අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. එම ගැසට් නිවේදනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණ කළා. 

අදාළ මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය මීට පෙර නීතිපතිවරයා හමුවට ද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත්, එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇති බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව කිහිපයක් පෙන්වා දුන්නා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඊයේ ප‍්‍රකාශ කළේ, අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අපහසු කටයුත්තක් බවයි

 
 

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
 
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

දිනසේන රතුගමගේ