
Editor
අද සිට කාර්යාල වේලාවේ වෙනසක්
කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.
ළමා අපයෝජන වැළැක්වීමට නව වැඩපිළිවෙළක්
තොරතුරු සමාජ ගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් වන වීදි නාට්‍ය මඟින් ජනතාව දැනුවත් කරමින් වත්මන් සමාජයේ බහුලව සිදු වන ළමා අපයෝජයන් වැළැක්වීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹේ
සෑම වසරකම සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පවිත්‍රා දින ජාතික සැමරුම් උත්සවය අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයෙන් ආරම්භ කෙරේ.
18වැනි අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශන අද සිට ඇරඹේ
ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය අද සිට 15 දින සිට කොළඹ දී ආරම්භ වෙයි. සැප්තැම්බර් මස 15 16 හා 17 දිනවල කොළඹ -7 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට නියමිත එහි සමාරම්භක උත්සවය ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ සහ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
මුහුද ආශ්රිත ප්‍රදේශවල සුළඟ වැඩිවෙයි
දිවයින හරහා(විශේෂයෙන්උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල)සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් හෙට සිට (16) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අවදානම
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික් 05ට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම ලබන 15 දා සිට
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය 12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබීය. 2016 අංක 14 දරන පනත සහ 2017 අංක 9 දරන පනතින් සංශෝධිත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වේ.
නව බදු පනතේ සියළු බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට මුළුමනින්ම ක්‍රියාත්මක කෙරේ. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි.
සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව හෙට මහනුවරට
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14) මහනුවරට ලගාවීමට නියමිතව ඇත.