Friday, 19 April 2024

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම ලබන 15 දා සිට

Posted On Thursday, 14 September 2017 05:57

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය  12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබීය. 2016 අංක 14 දරන පනත සහ 2017 අංක 9 දරන පනතින් සංශෝධිත  අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ ඉටු කිරීම) සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වේ.


ඒ අනුව මෙම ආයතනය පිහිටුවනු ලබන අතර එහි කාර්යයන්, රාජකාරි සහ බලතල ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් 15 වනදා සිටය.

ජනාධිපතිතුමා අතුරුදහන්වූවන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් පවත්වා සතියකට පසුව මෙම කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.