Friday, 19 April 2024

අද සිට කාර්යාල වේලාවේ වෙනසක්

Posted On Monday, 18 September 2017 05:36

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.
 


මේ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කොට ඇති අතර අද සිට මාස තුනක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය මත නම්‍යශීලි කාර්යාලය වේලාවක් හඳුන්වාදීම සිදු වේ.
 
ඒ අනුව පෙරවරු 7.30 සහ පස්වරු 5.00 අතර කාලය තුළ මෝටර්  රථ රියදුරන් පැය 09ක සේවා කාලයක් ද, කණිෂ්ඨ නිලධරයන් පැය 08 විනාඩි 45ක කාලයක් ද, අනෙකුත් නිලධරයන් පැය 07 විනාඩි 45ක සේවා කාලයක් ද දිනකට සේවය කළ යුතු වන අතර ම මහජනතාවට සේවය සැපයීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පෙරවරු 9.15 සිට පස්වරු 3.15දක්වා අනිවාර්යයෙන් ම රාජකාරියේ යෙදී සිටිය යුතු වේ.