නායයෑම් අතුලු අධි අවධනම් ආපදා හේතුවෙන් අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස ලබා දිමේ රජයේ වැඩ පිළිවල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.
ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.
කොළඹ ලේක්හවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයේ නිරතව සිටින පිරිස මේවනවිට පන්දම් සහ ඉටිපන්දම් දල්වා