Pfizer එන්නතේ පළමු මාත්‍රාව ගත් නෝවේජියානු වැසියන් 23 දෙනෙකු මරුට
LPL පළමු තරගය ලොව පුරා මිලියන 100ක ජනතාවක් නරඹයි
ඊයේ දින පැවති පලමු LPL තරඟය මිලියන 100 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය මිලියන 20 ක් පමණ වන අතර මෙරට දේශීය තරඟාවලියක් මෙතරම් පිරිසක් නැරඹූ මුල්ම අවස්ථාව ලෙසින් මෙය සටහන් වෙනවා.
එමෙන්ම IPL හැරුනුකොට , අවම කණ්ඩායම් ප්‍රමාණයක් සහ අවම විදෙස් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වෙමින් , එම තරඟය පැවති රටේ ජනගහණය මෙන් පස් ගුණයක ප්‍රමාණයක් තරඟයක් නැරඹූ මුල්ම අවස්ථාවද මෙය වනවා.
සාදය අවසානයේ සැනිටයිසර් බීපු 7ක් මරුට
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් dailymail පුවත් සේවය වාර්තා කළා.
රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.
එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.
සිද්ධිය සම්බන්දව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අය අතර කාන්තාවක් ද සිටින බව වාර්තා වේ
LPL තරගාවලියට පැමිනි විදෙස් ක්‍රීඩකයින් කීපදෙනෙකුටම කොවිඩ්
“ලංකා ප්‍රිමියර් ලීග්“ පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ, තරඟාවලිය සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.
LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනයවීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමද සිදුව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත්වීමට තීරණයකර ඇති අතර මාලිංග කියා සිටියේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය.
ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.
මේ අතර තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු සහ සෙසු ක්‍රීඩකයන් මෙරටට පැමිණි අවස්ථාවේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී තිබේ.
කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි රවීන්දර්පාල් සිං සමඟ අන්ඬ්‍රේ රසල්ද එම ගුවන් යානයේ පැමිණි ඇති බැවින් රසල් නිරෝධායනට ලක්කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මේ අතර තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථාන යන රටවල්හි ක්‍රීඩකයන් 8 දෙනෙකු ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණ ඇති අතර PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු නිරෝධානය සඳහා යොමු කෙරුණි.
ඒ අනුව, තරඟාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල සහ තරඟාවලිය සංවිධායකයින් මේ වන විට තරඟ පැවැත්වෙන හම්බන්තොටට පැමිණ සිටී.
මේ අතර ලංකා ප්‍රියමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදැක්වුණි.
කොරෝනා වෛරසය මර්ධනය කිරීමට යොදාගන්නා සාර්ථක එන්නතක් වේ නම් එය රටේ සියලුම ජනතාවට නොමිලේ ලබා දෙනවා.
‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.
බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 540,000කි.
“සෑම පුරවැසියකුටම මේ එන්නත නොමිලේ ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්රෑන්ක් වැන්ඩබෲකේ පැවැසීය.
අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද සම්බන්ධ වූහ.
සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වයිරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70%කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
“සමාජ විවාදයකින් සහ විද්‍යාත්මක අදහස සහ මතය අනුව එන්නත මුලින්ම දෙන්නේ කාටදැයි තීරණය කරනවා. ඒ අනුව ප්‍රමුඛත්වය දෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය වැන්ඩබෲකේ පැවැසීය.
බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි. බෙල්ජියමේ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වයිරස මරණ අනුපාතය ඉතා ඉහළ වන අතර එය යුරෝපයේ දරුණුම නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය ද වේ.
ඉදිරි මාස කිහිපයේදී එන්නත් තොග මිලදී ගැනීම සඳහා බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටියි.
ජර්මනියේ කියෝවැක් ඖෂධ සමාගම ද මේ වනවිට නව කොරෝනා වයිරසයක් අත්හදා බලමින් සිටින අතර බෙල්ජියම ඊයේ, එම සමාගම සමඟ ද ගිවිසුමකට අත්සන් තැබීය.
බෙල්ජියම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7.7 ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් එන්නත් මිලියන 5.5 ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබා ඇත.
උපුටා ගැනීම - ද ගාඩියන්
මුම්බායි ඉන්දියන්ස් ජය මාවතේ දරදඩු පුහුණුකරු - මහේල ජයවර්ධන
මහේල වත්මන් ක්‍රිකට් ලොව සැණකෙළියේ මහ මොළකරුවෙකි . අම්බානිගේ සල්ලි වැස්සේ තෙමෙන්නට පදම හොදින් දත් ඔහු ඔහුටම ආවේණික රිද්මයකින් මුම්බායි ඉන්දියන්ස් ජය මාවතක රැගෙන යන්නේය.
මහේල මුම්බායි ඉන්දියන්ස් භාර ගත් පසු කණ්ඩායම් විනයට අංක එක දුන්නේය. තම ක්‍රීඩකයින් ක්‍රමවත් කරන්නට එදා ඔහු අපූර්ව අදහසක් ගෙන ආවේය.කිසියම් ක්‍රීඩකයෙකු තරගයකදී හෝ ඉන් පිටතදී වරදක් කළහොත් විශේෂිත ඇදුමක් ඔහු වෙනුවෙන් වෙන් කළේය. යළි වෙනත් අයෙකු වරදක් කරන තෙක් කලින් ක්‍රීඩකයා කණ්ඩායම සමගින් වන සෑම විටම එම දඩුවම් ඇදුමින් සැරසිය යුතුය.
මහේලගේ මෙම දඩුවමට මුලින්ම ලක්වන්නේ කොල්කටා කණ්ඩායමෙන් මුම්බායි වෙත කැදවාගත් සූර්යකුමාර් යදාව් ය. වෙලාවට වැඩකරන හොද පුරුද්ද අමතක කල සූර්යකුමාර් වෙත මහේලගේ මෙම දඩුවම තදින්ම බලපෑවේය. මෙවර IPL තරග බිම හොල්ලන පිතිකරුවකු වන්නට ඔහුට හැකි වූයේ පුහුණුකරු මහේල ටොකු ඇන ඇන කියා දීපු පාඩම් නිසා බවයි ඔහු පවසන්නේ.
මුම්බායි පිළට වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේත් අනාගත බලාපොරොත්තුවක් වන ඉෂාන් කිෂාන් සම්බන්ධයෙන්ද අපූරු කතාවක් එළියට එන්නේය. පුහුණු සැසියකදී කිෂාන් වෙත පන්දුවක් මගහැරෙන අතර ඔහුගේ අලස ක්‍රීඩා විලාසය දුටු මහේල සැනෙකින් කෝප වන්නේය .
" ක්‍රිෂ් තමුසේ නිදිද .......? " මහ හඩින් එහෙම අහපු මහේල ඔහුව ළගට කැදවා කළ දේශනාව සමාජ මාධ්‍ය අතර හරි ජනප්‍රියය.
රාත්‍රී කාලයේ වැඩිපුර අවදිව හිටපු මේ තරුණ ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සුදානම් කළ මහේල ක්‍රමයෙන් ඔහුව වේලාසන නින්දට යවනවා පමණක් නොව ඔහුගේ උපරිමය කණ්ඩායම වෙත රදවන්නේය.
සමහර විට මහේලගේ ක්‍රිකට් ආගමනයේ ඔහු ලත් අත්දැකීම් මේ සියල්ලට හේතු වූවාට සැක නැත.
1997 දී මහේල SSC කණ්ඩායමට එනවිට දැවැන්තයින් රැසකගෙන් කණ්ඩායම සමන්විතය . අර්ජුන , ගුරුසිංහ , හේමන්ත වික්‍රමරත්න ආදීන් සමග මහේලට වෙන්වූයේ ආරම්භක පිතිකරු තනතුරයි. එය ඔහුගේ මංගල පළමු පෙළ තරගයද විය. බ්ලූම්ෆීල්ඩ් පිළට එරෙහි ඒ තරගයේ අර්ධ ශතකයද ඉක්මවා මහේල මතක හිටින ඉනිමක් දියත් කලේය. නමුත් දිනය නිමවන්නට ඕවර කීපයකට පෙර රුවන් කල්පගේ හමුවේ වැරදි පහරක් ගැසූ මහේල දැවී යන්නේය.
යොවුන් විය එළි පැත්තේ සිටි මහේල ප්‍රථම තරගයේ තම තරම ගැන සතුටින් SSC පඩිපෙළ නැග ක්‍රීඩාගාරයට ඇතුළු වනවාත් සමග කණ්ඩායම් නායක අර්ජුන යක්ෂාරූඩ විය. අමු සිංහලෙන් මහේල ඇමතූ ඔහු විකට්ටුව විසිකිරීම වෙනුවෙන් අපූරු දඩුවමක් දුන්නේය. ක්‍රීඩාගාරය ඇතුලට මහේල කැදවා නොගත් අර්ජුන පඩිපෙළ මත ඔහු ඉන්දවීය.
එදා එලෙස දඩුවම් විදි මහේල ලොව දකුණත් පිතිකරුවෙකු ලද ඉහළම ටෙස්ට් ඉනිම එම SSC පිටියේදීම ලබන්නේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකකදීම ශතක ලද ප්‍රථම ක්‍රීඩකයා බවටද ඔහු ඉතිහාසගත වන්නේ.
එදා අර්ජුන මහේලට නොකියා කියා දුන් පාඩම මෙදා මහේල අසල්වැසියාට බෙදන අයුරු හරි අපූරුය.
© මංජුල ලන්දෙකුඹුර
ඇමරිකා මැතිවරණයයෙන් හිටපු උප ජනාධිපති වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව එරට සමීක්ෂණය වාර්තා හෙලි කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරනයේ මූලිම ජන්ද විමසීම ආරම්භ වී අති අතර මේ වනවිට මිලියන 105කට අදික ජන්ද දායකයින් පිරිසක ජන්දය ප්‍රකාශ කර අවසන් බව the Indianexpress පුවත් සේවය මීට සුලු මොහොතකට පෙර වාර්තා කළ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට කොරෝනා වෛරස පාලනය කිරීමෙදී දැක් වූ අසමත්කම මෙම මැතිවරණයට තදින්ම බලපානු ඇතැයි විදෙශ පුවත් සෙවා වාර්තා කර ඇත.ප්‍රාන්ත 52 ක් පදනම් කරගත් ජන්ද විද්‍යාල 538කින් ජයග්‍රහනය සදහා එක් අපේක්ශකයෙක් ජන්ද විද්‍යාල 270 ක් ජයගත යුතුයි. එරට ජනතාව මැතිවරණය ප්‍රතිපල අර්ධ ගනනයකිරීම් මත පදනම්ව ප්රවෘත්ති සංවිධාන විසින් ඉදිරිපත් කරන මතයන් පිලි ගැනීමට උත්සුක වන බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත.ඒ අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඩිමොක්රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති. වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව වාර්තා කර ඇත.
රට වසා දැමීමට මොහොතකට පෙර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය
ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රියාව අගුළු දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙනවා.
වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බවයි වියානා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.
මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බව සඳහන්.
මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබෙන අතර ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නුවර කණඩායම සොහෙල් කාන් විසින් මිල දී ගනී.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය බොලිවුඞ් සිනමා අධ්යක්ෂවරයකු වන සොහෙල් කාන් විසින් ලබා ගන්නා ලදි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ නොවැම්බර් 21වන දින සිට දෙසැම්බර් 13වන දින දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්රිස්ගේල් ඇතුලත් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ප්‍රහාරක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් ඇතුලත් වන අතර සුපිරි එංගලන්ත පන්දුයවන්නකු වන ලියම් ප්ලන්කට් ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වෙති. හෂාන් තිලකරත්න කැන්ඩි ටස්කර්ස් හි පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ඇත.
‘‘ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය ජයගැනීමට වැඩි ඉඩ කඩක් ඇති කණ්ඩායමක් ලෙස කැන්ඩි ටස්කර්ස් හැඳින්විය හැකි අතර මෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. ශ්‍රී ලාංකිකයින් අතර ක්‍රිකට් උන්මාදයක් තරමටම පැතිර ඇති බැවින් මෙම තරගාවලිය නැරඹීමටත් තමන්ගේ ප්‍රියතම ක්‍රිකට් තරු දිරිගැන්වීමට විශාල වශයෙන් පැමිණෙනු ඇති බව මගේ විශ්වාසයයි. අපිට සමබර කණ්ඩායමක් සිටින බැවින් තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව මම විශ්වාස කරනවා’’ යනුවෙන් සොහෙල් කාන් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ප්‍රිමියර් ලීග් හී තරග සංවිධායක IPG හි ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා ‘‘ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම අපගේ අරමුණ වූ බැවින් ශක්තිමත් අනුග්‍රාහකයින් කණ්ඩායම් සඳහා අපට අවශ්‍ය වෙනවා. සොහෙල් කාන් මහතා බොලිවුඞ් සිනමාවට අමුත්තකු නොවන අතරම ක්‍රිකට් ලෝලියකු ලෙස ඔහුගේ භූමිකාවද ලොව පුරා ප්‍රචලිතයි. ’’ යනුවෙන් පැවසීය.
ශී‍්‍ර ලංකා ක්‍රිකට් හි උපසභාපති සහ ලංකා ප්‍රිමියර් ලීග් හි අධ්යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘ කැන්ඩි ටස්කර්ස් හි හිමිකාරීත්වය ලබා ගනිමින් සොහෙල් කාන් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා සම්බන්ධ වීම අපට සතුට දනවන්නක්. ක්‍රිකට් සහ චිත්‍රපටි ලෝකය ඉන්දියා තුළ දැඩි සහසම්බන්ධතාවක් සහිත ප්‍රෙක්ෂකයින් ප්රමෝදයට පත් කරන කරුණු 2ක් ලෙස හැඳින්විය හැකි අතර සොහෙල් කාන් මහතාගේ සම්ප්රාප්තියත් සමග ශ්‍රී ලාංකීය පේ්රක්ෂකයින්ගේ සහ ඉන්දියානු පේ්රක්ෂකයින්ගේ දැඩි අවධානය මෙම තරගාවලියට යොමු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.
ඔස්ට්‍රේලියානු අගමැති ගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක්
ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් !
අග්‍රාමාත්‍ය Scott Morrison බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ.
එම අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් ඔහුව එතැනින් පිටත් කර ඇත.
මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ සරණාගතයින් 120 දෙනෙකු Kangaroo Point හි රඳවා තබා ගෙන සිටීමයි.
More...
46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමේ
කොරෝනා තත්වය හේතුවෙන් අද සහ හෙට 10 සහ 11 දෙදින තුළ කතරගමදී පැවැත්වීමට නියමිතව තිබූ 46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු නජීඩ් තාරකායි හදිසි අනතුරකින් මරුට
ඇෆ්ගනිස්තාන ක්‍රිකට කණ්ඩායමේ ආරභක පිතිකරුවෙකු වන නජීබ් තාරකායි හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. වයස අවුරුදු 29 ක් වන තාරකායි ඔක්තෝබර 05 වැනිදා ඇෆ්ගනිස්තාන කාබුල් අගනුවරදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. පසුව රෝහල ගත කලද 06 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - මැරතන් තරඟය කතරගම දී
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය උණුසුම් කළ “ඇමසන්” ගින්න
Covid-19 වසංගතය හමුවේ පැවති මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ට බොහෝ රාජ්‍ය නායකයන් සිය දායකත්වය ලබාදුන්නේ සජීවීව තම රටේ සිටම සම්බන්ධ වෙමින් ය. දේශන පැවැත්වූ ලෝක නායකයින් ගෝලීය අර්බුධ දෙකක් ගැන වැඩිවශයෙන් අදහස් දක්වා ඇත. එනම් කොරෝනා හෙවත් කෝවිඩ් -19 වෛරසය හා පෘතුවියේ නොවැලැක්විය හැකි උණුසුම යන කරුණු දෙක පිළිබඳවයි.
බ්‍රසීල ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්
ඇමසන් වනාන්තරය බ්‍රසීලයේ භූමි ප්‍රමාණයෙන් 49% ක් පමණ අයත්වන අතර පෘතුවියේ උණුසුමේ උච්චාවචනයට ඇමසන් සෘජුවම දායකවන බව පැහැදිලි කරුණකි. පසුගිය කාලයේ ඇමසන් වනය විශාලවශයෙන් ගිනිබත් වීම හමුවේ ගෝලීය උණුසුමේ ඉහළයාම වේගවත් වී ඇති බව පැහැදිලි කරුණක් වන අතර වනාන්තරයේ ගිනිගැනීම් පාලනයට ජනපතිවරයා අසමත්වීම ගැන කරුණු ඉදිරිපත්විය. මෙවැනි පසුබිමක බ්‍රසීල ජනපති යායිල් බෝල්සොනාරෝ පටිගතකල වීඩියෝවක් මගින් සමුළුව අමතමින් තමන්ට එල්ලවන චෝදනා ප්රතික්ෂේපකරන බව පැවසීය. ගෝලීය උණුසුම පාලනය සඳහා බ්‍රසීල ජනපතිවරයා ගේ දෑතේ විශාල වගකීමක් ඇති බවත් එය ඔහු නිසියාකාරව ඉටුකර නොමැති බවත් පැහැදිලි කරුණකි. 2018 වසරේ දී බලයට පත් වූ වත්මන් ජනපති යායිල් බෝල්සොනාරෝ කෝවිඩ් වෛරසය පිලිබඳ තැකීමක් නොකිරීමෙන් ඇතිවූ තත්වය මෙන්ම ඇමසන් වනයේ ගිනිගැනීම් හා ගිනිතැබීම් ඇතුළු වනාන්තර විනාශය ගැන තැකීමක් නොකරන බවට අදහස් පලවිය. බ්‍රසීල ජනපති අඟහරුවාදා (22-09-2020) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතමින් ඇමර්සන් වනාන්තරය මෙන්ම බ්‍රසීලයේ පැන්ටනල් තෙත්බිම විනාශ කරන බවට විදේශීය “නළු නිළියන්” විසින් ගොතන ලද ම්ලේච්ච සහ සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාරයක් ගැන චෝදනා එල්ල කළේය. ඇමර්සන් වනාන්තරයේ ඇති වූ ගින්න පිලිබඳ වාර්තා අතිශයෝක්තියට නංවා ඇති අතර බටහිර යුරෝපයට වඩා විශාල ඇමසන් භූමිය නීති විරෝධී කැලෑ ගිනිතැබීම් සහ වනාන්තරය විනාශකරමින් ඇති ක්‍රියාවන් පාලනය ඉතා දුෂ්කර හා ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද පැවසී ය.
කෙසේ වෙතත් වත්මන් බ්‍රසීල ජනපතිවරයාගේ ධුරකාලයේ පළමු වසර වන 2019 වසරේදී ඇමසන් වනයේ ගිනිගැනීම් 126,086ක් පිලිබඳව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) වාර්තා කළේය. එය ඔහු බලයට පත්වීමට පෙර වසරට වඩා 40% කින් පමණ ඉහළ යාමකි.
ඇලිගේටර්,ජගුවර් වැනි දුර්ලභ සතුන් මෙන්ම තවත් බොහෝ සතුන්ගේ නිවහන වන ඇමසන් වනයට අයත් පන්ටනල් රක්ෂිතයේ ගිනිගැනීම් 16,119ක් වාර්තා වී ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් තහවුරු කර තිබේ.මෙය 1998 වසරෙන් පසු වාර්තා වූ ඉහලම අගයයි.
බ්‍රසීල ජන පති බොල්සොනාරෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට කියා සිටියේ බ්‍රසීලය තරම් වන භූමි ප්‍රදේශයන් ආරක්ෂා කරන වෙනත් කිසිදු රටක් ලොව නැති බවයි. කෙසේ වෙතත් වර්තමානයේ ඇති බලපෑම් හමුවේ බ්‍රසීල ජනපතිවරයා සාධනීය පියවරයන් කීපක ද අනුගමනය කර ඇති බව දක්නට ඇත. එනම් වනාන්තර භූමියට අයත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා වැසි වනාන්තරයන්ට සම්බන්ද විෂයන් ඇතුලත් කරමින් ඇමසන් ලේකම් කාර්යාලය නමින් වෙනම කාර්යාල පද්ධතියක් ස්ථාපනය කරන බව එරට පරිසර අමාත්‍යංශය සදුදා නිවේදනය කලේ ය. වන විනාශය මැඩපැවැත්වීම සඳහා බොල්සොනාරෝ විධායක නියෝග දෙකකට අත්සන් තැබීය එනම් වනාන්තර ගිනි තැබීම තහනම් කිරීම හා ගොවීන්ගේ නීතිවිරෝධී වන එළිකිරීම් හා යන්ත්‍රසුත්‍ර භාවිතයෙන් කරන මහා පරිමාන වන විනාශය වැලක්වීමට දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ හමුදා කණ්ඩායමකට මුරා සංචාර සඳහා බලය පැවරීම දෙවැන්නයි.
නමුත් “ ඔපරේෂන් ග්‍රීන් බ්‍රසීල් “ මෙහෙයුම මගින් ක්‍රියාත්මක වූ මෙවැනිම මෙහෙයුමකින් වනාන්තර ගිනි තැබීමේ තහනම ඵල රහිත බව ඔප්පු වී ඇත. පසුගිය කාලයේ මෙවැනි වනාන්තර විනාශ කළ පුද්ගලයින් ට ඇමරිකානු ඩොලර් මිලියන 96.3 ක දඩ නියමකර ඇති පසුබිමක වන ගිනි තැබීම් පාලනය වී ඇති බවක පෙනෙන්නට නැත. ඒ වෙනුවට වනාන්තර ගිනි තැබීම ඉහල ගොස් ඇත.පසුගිය අගෝස්තු මස දී පමණක් වනාන්තර ගිනි තැබීම් 29307 ක් වාර්තා වූ බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් ගෙන් පැහැදිලි වෙයි. එය සැප්තැම්බර් මස 27660 ක් ලෙස සටහන් වන්නේ මාසය ඉවර වීමට දින අටකුත් ඉතිරිව ඇති පසුබිමක ය. වර්තමානයේ පවතින වියලි කාලගුණික තත්වය මීට බොහෝ සෙයින් බලපා ඇති නමුත් එය පෙර වසරට වඩා 69.7% ක වැඩිවීමකි.
අභ්‍යන්තර පරිසර වේදීන්ගේ මතය
බොහෝ පරිසරවේදීන් බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ප්‍රකාශයන් සැකයෙන් යුතුව සලකන අතර ඔහුගේ ජනපති ව්‍යාපාරයේ පොරොන්දු අතර “ඇමසන් ආර්ථික හැකියාවන් ගවේෂණය කිරීම” යනුවෙන් ඇමසන් වනාන්තරය ව්‍යාපාරයක් කරන්නේ කෙසේදැයි ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කර ඇති බවයි.2011 වසරේ සිට 2018 වසර දක්වා නීති විරෝධී ලෙස වනාන්තර එලි කරමින් වන විනාශයන් කරමින් ඉඩම් අත්පත් කරගත් ඊනියා ඉඩම් කොල්ලකරුවන්ට නීතිමය අයිතිය ලබා දීමට ජනපති බොල්සොනාරෝ ද බල කර තිබේ.
කෙසේ වෙතත් ගෝලීය උණුසුම ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම වඩාත් තීව්ර කිරීමට හේතුවන බව පැහැදිලි කරුණකි දරුණු වියලි කාලගුණය වාර්තාගත උෂ්ණත්වය, වාතයේ වාර්තාගත වියලි බව දැවෙන ඉන්දන එකතුවක් වැනි බව බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ් පර්යේෂකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. මෙම තත්වය දේශගුණික විපර්යාශයන් වේගවත් කිරීමට හේතු වෙයි. ඇමසන් වනාන්තරය වසරකදී ලොව කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන ගණනක් අවශෝෂණය කරමින් ද ඔක්සිජන් මුදාහරිමින් ද එහි විශාල ගස් වියනක් වෙමින් පෘතුවිය සඳහා වායුසමීකරණ යන්තරයක් සේ ක්‍රියාකරමින් සේවය සලසන බව පරිසර විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත් බ්‍රසීලය නමැති රට ලොවට විශාල වැදගත්කමක් ඇති රටක් වනවා සේම එහි පාලකයා ලෝක පාලකයෙක් ලෙස නිතරගයෙන් පත් වීම් ලබයි. ඔහු ඒ බව සිත් තබාගෙන වගකීමෙන් කටයුතු කිරීම ලෝකයේ යහපත් පැවැත්මට හේතුවෙයි.
RJ