වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය බල මණ්ඩලයේ සේවකයක්ය. වෛද්‍ය ක්ෂේත්රය ද වර්ජනය කළේය. වර්ජනය කරන අවස්තා වල දී අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටෙන අතර එය ආර්ථික සහ සමාජ ප්‍රශ්න ඇති කරයි.
ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසා තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
ලියූ ලියැවිල්ල ඇය හිතින් කියැව්වාය.
හිතවත් ගිමන්ත,
මම මේ වගේ ලියුමක් ලියන්න කවදාවත් හිතුවේ නම් නැහැ. ඒත් අද මට ඒ ගැන දුකකුත් නැහැ. මං මේ තීරණය ගත්තේ ගොඩක්ම හිතලා බලලා. තවදුරටත් මේ කසාදේ පවත්වාගෙන යෑම අපි දෙන්නාටම වැඩක් නැහැ කියලා මට හිතිලා ගොඩක් කල්. ඒත් මට කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් දැන් ඉවසීමේ සීමාවේ අන්තිමටම ඇවිල්ලා.
මම අද මේ ගේ දාලා යනවා. සදහමට. මං දන්නවා ඔයාට දුක හිතෙන එකක් නැහැ. ඔයාගේ හිත ගලක්. මහා කළු ගලක්. ඔයාටම හරියන දරුවෝ දෙන්නා. මං ගැන කිසිම සැලකිල්ලක් ඔය තුන්දෙනාටම නැහැ. තාත්තාටයි පුතාලා දෙන්නාටයි දැන් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔයා තරම් මං උගත් නැති නිසානේ මේ සේරම. පුතාලාත් ඔයා වගේම මහා උගත්තු වෙයි. මට කමක් නැහැ. ඕනේ දෙයක් වුනාවේ. මං මගේ ජීවිතය හොයාගෙන යනවා. අදින් පස්සේ මං ගැන හොයන්න එපා. එහෙම කිව්වත් නැතත් ඔයා මං ගැන හොයන්නේ නැහැ කියලාත් මං දන්නවා. ඉතිං අද ඉඳන් මම ඔයාලාගෙන් වෙන්වෙනවා.
ඔයාටත් දරුවන්ටත් තිසරණ සරණයි.
ඔයාලාගේ සතුට පතන මම,
අංජලී
එය ටීපෝව මතින් තැබූ ඈ, පිළිවෙලකට සකසන ලද යුගල ඇඳ දෙස නෙත් යොමා, පිටවන්නට ආ සුසුම උත්සහයෙන් නවතාගෙන පුතුන්ගේ කාමරය වෙත ගියාය. ඔවුන් පාසල් ගොස්ය. සිටියද නිසංසලව පවතින කාමරය තුල බොහෝවිට කිසිවකු සිටීද හඳුනාගත නොහැකි තරමට ඔවුන්, පියාසේම නිහඬව පොත පත ඇසුරේය. සිහින් සුසුමකින් එයට සමුදුන් ඇය නිවසින් පිටවී, ත්‍රී රෝද රථයට ගොඩ වූවාය.
මගතොට ගැන නිනව්වක් ඈට නොවීය. අද පටන් ජීවිතය වෙනස් වනු ඇත. හිම මෙන් ගෙවුනු දිවිය නැවතත් ඒ උණුසුම් දෙඅතට මැදිවනු ඇත. මේ ගමන අතීතයේදී, පැතූ අයුරින්ම යා හැකි වූවා නම්..........
දුම්රිය ස්ථානයට පැමිණි ඇය නියමිත වේදිකාව වෙත පැමිණියාය. මිනිත්තු 10-15ක් ගතවිය. සිත අවිනිශ්චිත සිතුවිලි වෙත දොර හරින්නට වූයේ අනිච්ඡානුගතවය. හිඟන පිරිමි දරුවෙකු, ඇගේ අතින් අල්ලනතුරු ඔහුගේ පැමිණීම නොදැකීම ගැන ඇය පුදුම වූවාය.
“ඇයි ඇයි මොකද මේ?” ඇය නොරිස්සීමෙන් පසෙකට වූවාය.
“නෝනා...... අර මහත්තයා මේක දෙන්න කිව්වා” කියමින් ඔහු අත දිගුකරගෙන පසුපසට හැරුනත් ඒ මානයේ කිසිවකු නොවීය.
ආදරණීය අංජලී,
අපි කරන්න යන වැඩේ වැරදියි................
මුල් වැකියත් අවසන් වැකියක් කියැවූ ඇයට ක්ලාන්ත වන්නට එන සෙයක් දැනින. අසල අසුනට වැටුනු ඇය විනාඩි කිහිපයක් නිනව් නැතිව ගත කලාය. නිමේෂයෙන් බොහෝ දේවල් සිහි වන්නට විය. වහා නැගී සිටි අංජලී ලිපිය ගුලිකොට ගමන් මල්ල තුලට ඔබා, දිවගොස් ත්‍රී රෝද රියෙක නැගුනාය.
ඇය පිටව ගිය පසු, ඈත කොනකට වී සාවධානව බලා සිටි ඔහු, හිතේ රැඳුනු මහා බරින් හෙම්බත්ව, බිත්තිය දිගේ ඇදී ගොස් වැටී, දණහිස් මත හිස ගසා ගත්තේය.
ආදරණීය අංජලී,
අපි කරන්න යන වැඩේ වැරදියි. මං කියන්නේ හොඳ සිහි කල්පනාවෙන්. ඔයාගේ හස්බන්ඩ් නොසලකනවා කියලා, දරුවෝ ඔයා ගැන සැලකිල්ලක් නැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් අංජලී ඔයායි මායි හොඳටම දන්නවා ඔයාගේ හස්බන්ඩ් ඔයාට දුන්නේ බොහොම පිරිමි, දෙන්න නොහිතන සමාවක් කියන එක. අපට ඒක අමතකවුනු එකත් බොහොම වැරදියි.
මට දැන් තේරෙන විදිහට අපි වැඩිහිටියෝ හැටියටත් දරුවෝ ඉන්න දෙමව්පියෝ හැටියටත් මේ ගත්ත තීරණේ අන්තිම අසාධාරණයි.
අපි දෙන්නා පවුල් දෙකක මුල් කණු දෙකක්. ඒ කණු ගැලවුනොත්, ඔයාගේ මහත්තයා, දරුවෝ, මගේ වයිෆ්, දරුවෝ ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි එකතු වෙලා තව දරුවෝ හැදුවොත් එයාලා ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි දෙන්නාගේ පවුල්වල සහෝදර සහෝදරියෝ....... ඒ අයගේ ජීවිත වුනත් යම් තරමකට හරි දෙදරයි.
ඒවා පැත්තක. අංජලී අපි අපේ දරුවෝ ගැන හිතන්න වෙනවා. අපි එයාලාට චපල වුනොත් සමහරවිට ඒ අය මුළු ජීවිතයම අඳුර කරගනියි. ගිමන්තයි ශාන්තියි ආයේ බැන්දොත්?
අංජලී අපි ඉවසමු. දෙමව්පියෝ එකතුවෙලා අපට මේ දුක දුන්නා. ඒ දුකම නොවුනත් දරුවන්ට ඊටත් වඩා ගැඹුරු ගින්දරක් දෙන්නයි අපි හැදුවේ. අපි මේ වැරැද්ද නොකර හිටියොත් සමහරවිට අපේ දෛවය අපට ලබන ආත්මේ හරි එකතු වෙන්න ඉඩක් සලසයි. හැබැයි අපි මෙහෙම කලොත් සදාකාලිකව ගෙවා ගන්න බැරි පවක් වෙයි.
ආයේ මේ ආත්මයේදී මාව හීනෙන්වත් දකින්න එපා අංජලී.
මෙයට හිතවත් ජනක
ගලන කඳුලේ මූලය දුකද, කේන්තියද, පසුතැවිල්ලද, වෙන යමක්ද යන්න ගැන ඇයට නිනව් නොවීය.
නැවතූ සැනින් රියෙන් පැනගත් ඇය වහ වහා ඉහළ මහලට දිව ගියාය. ලිපි දෙකම එකම ගුලියක් කොටගෙන මුළුතැන්ගෙට ගිය ඈ, චපලත්වයත් ප්‍රේමයත්, එකිනෙකා වැළඳ, එකම ගින්නේ දැවෙන අයුරු දිලිසෙන දෙනෙතින් බලා සිටියාය.
ලියා එව්වේ - රන්දිකා රණවීර
http://ranrandil.blogspot.com/
කෙමෙන් අඳුරු වැටෙන පරිසරයෙන් දෑස් මුදවා ගත නොහැකිව ඇය බලාගත් වනම බලා සිටියාය. ඇතැමෙක්ගේ දවස නිමා වෙද්දි , තවත් ඇතැමෙක්ගේ දවස ඇරඹෙන අයුරු අපූරුය. අහසේ ඉදහිට කලබලයෙන් පියාසර කරන වවුලන් සහ කුරුලන් දකින ඇයට එසේ සිතුනද , අන්අය ජීවිතය අවසන් කරනට බලා සිටින
උපාලි, කදිරවේලු තමන් දෙසට එනු දැක හදිසියේ යමක් සිහි වූයෙකු මෙන් මඟ හැර ගියේය. මෙය කදිරවේලුට අලුත් දෙයක් වූයේ නැත. ආයතනයේ සිටි වඩාත් ගුණ යහපත් මිනිසෙකු වූ උපාලි තමන්ට මූණ නොදෙන බව හේ දනී. එකම මට්ටමේ නිලධාරීන් වුවත් මෙසේ
මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.
"බොරු නේද?”
"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන්ඩ ඕනෙ."
"මාව ලෝකෙ ලොකුම පෝසතා කරනවකො."
"ඒකනම් අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් සිල්ලර කාසියක භූතයෙක්නෙ."
උපාලි සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"බත් පිඟානක් ?"
"එච්චරනං අමාරුයි..."
ඉක්මණින්ම උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් අදහස් ප්‍රකාශ කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
ඉන් නොසැළුණු උපාලි, උගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතුවේය.
"මට කීකරුව හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණහැකි."
"භූතයෙක්, මහප්‍රාණ භ යන්න. මං කාසියෙ අයිතිකාරයට කීකරුයි." භූතයා කීවේය.
“වැඩේ සරලයි.” උපාලි පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."
"එච්චරද?”
"එච්චරයි. හැබැයි කොන්දේසි උඩ:
එක- ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මගෙ ළඟම ඉන්ඩ ඕන."
මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.
"බොරු නේද?”
"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන්ඩ ඕනෙ."
"මාව ලෝකෙ ලොකුම පෝසතා කරනවකො."
"ඒකනම් අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් සිල්ලර කාසියක භූතයෙක්නෙ."
උපාලි සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"බත් පිඟානක් ?"
"එච්චරනං අමාරුයි..."
ඉක්මණින්ම උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් අදහස් ප්‍රකාශ කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
ඉන් නොසැළුණු උපාලි, උගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතුවේය.
"මට කීකරුව හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණහැකි."
"භූතයෙක්, මහප්‍රාණ භ යන්න. මං කාසියෙ අයිතිකාරයට කීකරුයි." භූතයා කීවේය.
“වැඩේ සරලයි.” උපාලි පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."
"එච්චරද?”
"එච්චරයි. හැබැයි කොන්දේසි උඩ:
එක- ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මගෙ ළඟම ඉන්ඩ ඕන."
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදීම සිදු කරයි.
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.
කලට නිසි වැසි වාසීවායී ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීය.
අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී , ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ.
හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ.
එකිනෙකට සම්බන්ධ, කාලීන වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්රමුඛ වේ.
ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්ෂණයක් වනු ඇත.