Saturday, 27 April 2024
නව පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.

Posted On Tuesday, 19 November 2019 07:11

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

Posted On Tuesday, 19 November 2019 06:59

නාම යෝජනා ලබා දුන් දිනයේ සිට ජනාධිපතිවරණය පවත් වන ලද ඊයේ (17) දිනය දක්වා කාලය තුළත් ඡන්දය පැවැති කාලයේ දීත් ඉන් පසුවත් කිසිඳු බරපතල සිදුවීමක් වාර්තා වී නොමැති බවත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉතා සාමකාමී වාතාවරණයක් පවතින බව අද (18) පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.

Posted On Monday, 18 November 2019 15:23

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා .අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

Posted On Monday, 18 November 2019 15:19

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (16) පෙරවරු 7.00ට ආරම්භ විය. දිවයින පුරා මධ්‍යස්ථාන 12,845ක පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබෙන අතර උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Posted On Saturday, 16 November 2019 09:02