Saturday, 27 April 2024
නව පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක් වු අතර එය ප්‍රවර්ධනය කර ගැනිම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය මත රටවල් 48ක් සඳහා ගාස්තු රහිත විසා (Free Visa)නිකුත් කිරිමට පියවර ගත් අතර අගෝස්තු මස 01දා එනම් හෙට සිට එය ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද( 31) අරලියගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

Posted On Wednesday, 31 July 2019 09:25

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.

Posted On Wednesday, 31 July 2019 09:23

සියලු රාජ්‍ය ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන වල ඒකාබද්ධතාවයෙන් මෙවර ඇසළ පෙරහැරේ සියලු කටයුතු සංවිධානය වන අතර මෙවර පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත.

Posted On Wednesday, 31 July 2019 09:21

තිරසාර දිවියක පදනම වන්නේ මවුකිරිය. මෙය මිනිසෙකුගේ ජීවිතයෙහි සාර්ථකත්වයට සහ නිරෝගීභාවයට කෙතරම් නම් හේතු වනවාද? මාතෘත්වයත් සමගම මවකට විශාල කාර්යය භාරයක් පැවරේ. එමෙන්ම හොදම පෝෂණය වන මවුකිරි ලබාගැනීම සදහා දරුවාටද අයිතිවාසිකමක් ඇත.

Posted On Tuesday, 30 July 2019 05:11

සක්‍රීය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ වැඩසටහන් රැසක් මෑතකාලීන ව ක්‍රියාවට නැංවෙමින් ඇති අතර, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සහිත ජාතික පාසල්වලට සුදුසුකම් ලත්, විදුහල්පතිවරුන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද, අමාත්‍යවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

Posted On Tuesday, 30 July 2019 05:09