Thursday, 19 June 2025
නව පුවත්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Friday, 09 February 2018 05:25

හෙට දින (10) පැවැත්වීමට නියමිත පළත් පලන මැතිවරණය හේතුවෙන් දිවයිනපුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

Posted On Friday, 09 February 2018 05:24

ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Posted On Friday, 09 February 2018 05:22

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා පත් කර තිබෙන සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Posted On Friday, 09 February 2018 05:20

ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Posted On Friday, 09 February 2018 05:18