දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අනිද්දා පෙ.ව. 9.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස,