අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වයඹ පළාත් ඇළ, කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති තුනෙහි මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා කාර්යාල තුනක් වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා, ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දී ඇත.
සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ.