Friday, 03 May 2024
Editor

Editor

ජූලි මහස 31 වන දින සිට එළඹෙන දිර්ඝ නිවාඩුව සමඟ මහමැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් කරා ගමන් කරන මඟී ජනතාව වෙනුවෙන් ලංගම, පෞද්ගලික හා දුම්රිය ධාවන වාර වැඩි කිරීමට පියවර ගන්නා බව මඟි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහමධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල් ඡන්දහිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (21) අවසන් වේ.

13 සිට 17 දක්වා වූ දිනයන් හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ඊයේ (20) සහ අද (21) දිනයේ අවස්ථාව ලබා දුනි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අද (21) සුභ නැකතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවයි.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවා සුභ නැකතින් අද (21) ආරම්භ විය.

ආගමික ස්ථාන පදනම් කරගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම- ආගමික ස්ථානවල සිදු කරන මැතිවරණ ප්‍රචාර සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය

ප්‍රේක්ෂා රංග මහෝත්සවය ජූලි 24සිට 30 දක්වා එල්ෆින්ස්ටන් හීදී

 

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ, ප‍්‍රතිකාර ලැබූ අවසන් නිලධාරීන් තිදෙනාද සුවය ලැබීමත් සමගයි. ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වූ කොරෝනා පොකුර අවසන් වුණා.

එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි. නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් වුණා.

ජා-ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට දැරූ උත්සාහයේදී ඔවුන්ගෙන් නාවික හමුදා සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවටයි ප‍්‍රකාශ කෙරුණේ.  

වැලිසර නාවික හමුදා කදවුරෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග කදවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණුනා.

ඒ වනවිට නිවාඩු ලබා ගොස් සිටි සියළු හමුදා සාමාජිකයින් යළි කදවුරු තුළට කැදවීමටයි පියවර ගැණුනේ. පසුව තත්ත්වය පාලනයවීමත් සමග වැලිසර නාවික හමුදා කදවුරේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත ආරක්ෂිත බැවින් යුක්ත බවත් එමගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට පෙනි යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත මඟින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකිවන බවයි.

මෙම සොයාගැනීම් අතිශයින්ම යහපත් බවත් මෙම එන්නත මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට තරම් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී.

මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත් සමග බ්‍රිතාන්‍ය විසින් දැනටමත් එන්නත් මිලියන 100 ක් ඇණවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ChAdOx1 nCoV-19 නමින් හැඳින්වෙන මෙම එන්නත පෙර නොවූ විරූ වේගයකින් සංවර්ධනය කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

විවිධ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙවර උසස්පෙළ විභාගය දෙස දරුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි