Saturday, 04 May 2024
Editor

Editor

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනේ.

කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් අඝාත රෝගින් වන අතර ලක්ෂ දෙකකට වැඩි අඝාත රෝගින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දැනට සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පවසයි.

නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවේ. ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇති අතර, පළමුවෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන ජාතික කාන්තාව හැරුණු විට මේ වන තෙක් කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගියකු රට තුළ වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳ කරුණු දක්වන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කරයි.

72 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද දින කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.

72 වන නිදහස් දින සමරු උළෙල හෙට දිනයේ දී (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.