Monday, 29 April 2024
Editor

Editor

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් පහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය.

පසුගිය වසරේ දී (2018) සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැළකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු  ලැබිණි.

ඒ අනුව 2018/19 වර්ෂයේ දී  රෝහල් ගත වීමක දී රු. 200,000 ක් ද රජයේ රෝහලක හෝ රජයේ ආයුර්වේද රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවක දී රු.3,000 ක  දෛනික දීමනාවක් ද  බාහිර ප්‍රතිකාරවලදී රු. 20,000 ක් ද මාපියන් හෝ භාරකරු වියෝවකදී එක් අයෙකු සඳහා රු. 200,000 ක් ද ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු. 150,000 ක් ද පුර්ණ හා සදාකාලීක අබලතා සදහා වාර්ෂිකව රු. 50,000 සිට රු. 200,000 ක් ද අසාධ්‍ය රෝග ආවරණය යටතේ රු. 200,000 ක්  ලෙස ද සිසුන්ට සහ මාපියන්ට ප්‍රතිලාභ  හිමිවෙයි


2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දී ලබාදෙන ප්‍රතිලාභවල වැඩිවීම

රැකවරණ අවස්ථා

ප්‍රතිලාභය

2018

2019

රෝහල්/ රෝග ප්‍රතිලාභ

·         නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ (රජයේ/පුද්ගලික)

·         රජයේ රෝහල් ගතවීම (දිනකට)

·         බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ

200,000

1,000

10,000

200,000

3,000

20,000

අනතුරු ප්‍රතිලාභ

·         පුර්ණ සදාකාලික ආබාධ සඳහා

100,000

50,000-100,000

200,000

50,000- 200,000

වියෝව/ මියයාම

·         මාපිය වියෝවකදී

·         ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍ය සහන

75,000

100,000

200,000(එක් අයෙකු සඳහා)

150,000

අසාධ්‍ය රෝග ප්‍රතිලාභ

-

200,000 (හෝ ඊට වැඩි)

නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරිම සදහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.