Editor

Editor

පසුගිය කොරෝනා සමයේ දී විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් විදුලි මිල ඉහළ යාම විදුලි බල මණ්ඩල වරදක් නොවන බවත් ලබා දුන් බිල්පත නිවැරදි බවත්,පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඊයේ (30) ලංකා විදුලි බල මණ්ඩල ශ්‍රවණාගාරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

 

අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළා. ඒ, නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්. ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම නම් කර තිබෙනවා.

රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.

මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි. සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි. 

 

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසන් සභාව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න නියෝග කළා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. 

මෙම නඩුව අල්ලස් කොමිසන් සභාවේ සාමජිකයන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා විසින් පවරා ඇති බවට පවසමින් එම නඩුව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පවසා විත්ති පාර්ශ්වය මූලික විරෝධතා කොළඹ මහාධිකරණයේ ඉදිරිපත් කරන ලදි.

මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු මස 11 දින නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.

 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු කියුබානු ජාතික පුහුණුකරුගේ සහ වොලිබෝල් බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූ ජනිත් සුරත් තායිලන්තයේ දී වටිනා ජයග්‍රහණයක් නකොන් රචසිමා කණ්ඩායමට ක්‍රීඩා කරමින් අත්කර දීමට සමත්ව තිබෙනවා.

ඒ මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී තමන් කපා දැමූ නිලධාරීන් සහ පුහුණුකරුට අභියෝගයක් එල්ල කරමින්. මෙවර තායිලන්ත වොලිබෝල් ලිග් ශූරතා තරගාවලියේදී ශූරතාව නකොන් රචසිමා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණේ ජනිත් සුරත්ගේ දක්ෂතා හමුවේයි.

ඒ අනුව මෙවර තායිලන්ත වොලිබෝල් ලීගයේ දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ජනිත් සුරත් සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සන්නාමය ද ජාත්‍යන්තර රැගෙන යමින්. 

මීගමුව තිඹිරිගස්කටුව ගමේ උපන් ජනිත සුරත් මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව දුටුගැමුණු මහා විද්‍යාලයේන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා ශාන්ත මරියා මහා විද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු 18දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ජනිත සුරත් ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන්නේ 2007 වර්ෂයේදීයි. 2014 වසරේදී ඔහු ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් වුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා ද වනවා. කෙසේ වෙතත් කියුබානු පුහුණුකරු ජනිත් සුරත් මෙවර සාග් තරගාවලියෙන් කපා දමන්නේ ඔහුට වඩා දක්ෂකයින් කණ්ඩායම තුළ සිටින බව පවසමින්.

කෙසේ වෙතත් මෙවර සාග් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමද දැඩි පසුබෑමට ලක් වුණා. වොලිබෝල් ක්ෂේත්‍රයේ පවතින දූෂණ වංචා පිළිබද ඍජුව කතා කළ ජනිත් සුරත් මෙරටින් බිහි වූ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

නෙත් නිව්ස්

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට පත් වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඊයේ (30වැනිදා) ප්‍රකාශ කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ තොරතුරු සටහන් පොතක (ෆැක්ස් පණිවිඩ පිළිබඳ සටහන් තබන පොත) ඇතුළු සටහන් ‘ටිපෙක්ස්’ දමා මකා තිබීම ගැන අවධානය යොමු කරමින් සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එම ක්‍රියා කලාපය විවේචනය කළ සභාපති විනිසුරුවරයා, මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර වැඩ කරන්නේ කෙසේ දැයි වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරී බී.ඒ. තිසේරාගෙන් ප්‍රශ්න කර සිටියේය.

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන මුදා හරින ලදැයි අසත්‍ය චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් ඊයේ (30දා) විභාගයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා එලෙස අවධාරණය කළේය.

ජනාධිපති කොමිසම විසින් අදාළ පැමිණිල්ල ගැන තීරණයක් ගැනීමට පෙර ලලිත් ජයසිංහට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ගැන තීරණයක් ගැනීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලීම සුදුසු බව ද සභාපති විනිසුරුවරයා මෙහි දී අවධාරණය කළේය.

ඉෂාර රත්නකාර - අරුණ පුවත්පත 

Friday, 31 July 2020 05:13

දවසේ කාටූනය

ada

ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CCD අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඉදිරියේදී මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත‍්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණය ගත් බවයි. 

වසර 5 ක දත්ත සළකා බැලීමේදී සිදුවූ මාරක රිය අනතුරුවලින් සියයට 10 ක් සිදුව ඇත්තේ බස් රථවලින් බවයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් පවතින නීතිමය තත්ත්වය තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළා.

පොලීසියේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉකුත්දා නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ රිය අනතුරයි. එහිදී මාර්ග නීති උල්ලංඝණය කරමින් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරූ බස් රථයක් යුද හමුදා කැබ් රථයක ගැටී සෙබළෙකුට දිවි අහිමි වුණා. 

 2020.07.30

පාත්ෆයින්ඩර් පදනම ‘‘කොවිඞ්-19 වලක්වාලීම හා පාලනය’’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි
පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ චීන ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප‍්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඞ්-19 ප‍්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප‍්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද ‘‘Prevention and Control of COVID 19’’ කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි. චීන තානාපති කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම කෘතිය නිල වශයෙන් නිකුත් කළ අතර
නිවස, එළිමහන, රාජකාරී ස්ථානය යනා දී වශයෙන් විවිධ තැන් වල දී රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක‍්‍රම විස්තරාත්මකව, හා නිතර විමසන ප‍්‍රශ්න හා උත්තරානුසාරයෙන් මිත්‍යා සහ සැක සහිත තැන් අනාවරණය කර, පොදුවේ අවබෝධ කරගත හැකි පරිදි මෙම කෘතිය සකස් කර තිබේ. මෙය කියවන්නන් ගේ කුතුහලය සංසිදුවන අතර, දැනුම සම්පාදනය කර, කොවිඞ් -19 වසංගතයෙන් ගැලවෙන මග විද්‍යාත්මකව සහ ඉලක්කගතව තොරතුරු සම්පාදනය කර ඇත. ෂැංහයි කොවිඞ් -19 ප‍්‍රවීණ ප‍්‍රතිකාරක කණ්ඩායමෙහි ප‍්‍රධානියා වන මහාචාර්ය ජන්ග්, ෆුඩාන් විශ්ව විද්‍යාලයේ බෝ වන රෝග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන අතර චීන වෛද්‍ය සම්මානය මෙන්ම, ෂැංහයි විද්‍යා සහ තාක්ෂණ ප‍්‍රගති සම්මානය ලබා ඇති හෙතෙම 2003 වසරේ දී සාර්ස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙහි ද, රෝගය වළක්වාලීම් හා පාලන කි‍්‍රයාවලියෙහි ද නිරත වූයේ ය.
මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ සහ චින කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාංශයෙහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධ, චීන ශ‍්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානය, මෙම කෘතිය පරිවර්තනය කර ප‍්‍රකාශයට පත් කළ ලද අතර ඒ සදහා ෂැංහයි විද්‍යාත්මක සහ තාක්ෂණික ප‍්‍රකාශකයන්ගෙන් නොමද සහයක් ලැබුණි.

‘‘කොවිඞ්-19 වලක්වාලීම හා පාලනය’’ කෘතියෙහි මෘදු පිටපත ඔබට https://bit.ly/3hCJQIZ  දිගුවෙන් කියැවිය හැකිය.

 

සටහන  : ගාමිණී සරත් ගොඩකන්ද

sannasa.ord_30-07-2020_0016_Copy.JPG


sannasa.ord_30-07-2020_007_Copy.jpg

sannasa.ord_30-07-2020_008_Copy.JPG

sannasa.ord_30-07-2020_010_Copy.jpg

මහමැතිවරණය- 2020 ලබන සඳුදා ගෙයින් ගෙට ගොස් අත් පත්‍රිකා බෙදීම නවතයි