Saturday, 18 May 2024
Editor

Editor

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

"විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මැයි මස 20, 21, 22 තෙදින තුළම සිසුන්ට අවස්ථාව හිමිවේ -අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට උපදෙස්

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු හාරසිය හතලිස් අටක පමණ පිරිසක් අද(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

චණ්ඩ සුළි කුණාටුව("අම්ෆන්")මේවනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව 18 වන දින පෙ.ව. 02.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 740 පමණ උතුරු අක්ෂාංශ 12.9 ත් නැගෙනහිර දේශාංශ 86.4 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එකොළොස්වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර පොසොන් උත්සවයේ ආගමික වතාවත් පැවැත්වෙයි- රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලයේ දී