Thursday, 12 June 2025

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතී. වී වගාව සදහා
පොහොර හිඟයක් කිසිසේත්ම ඇති වී නොමැති අතර ඒ ඒ ගොවි මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රසායනික පොහොර ලබා දී ඇත.

රසායනික පොහොර අධිකව භාවිතය හේතුවෙන් ගොවි මහතුන් හා පාරිභෝගිකයාද බෝනොවන රෝග රාශියකට පාත්‍ර වී ඇති බව පැහැදිලිව ඔප්පු කර ඇති තත්වයක් තුළ නියමිත ප්‍රමාණය ඉක්මවා පොහොර භාවිතා කරන ගොවි මහතුන් හා එකී අධි භාවිතය සඳහා අනුබල ලබාදෙන පිරිස් මෙරට ජනතාව පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයට එකතු වන වස විස ප්‍රමාණය ඉහළ දමා මහජනතාව භයානක රෝගීන් බවට පත් කිරීමේ කොටස්කරුවන් බවට පත්වන බව පෙන්වා දෙමි.

Posted On Monday, 24 February 2020 08:28

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බලගන්වන වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාරයෙන් ඇරඹේ

Posted On Tuesday, 18 February 2020 05:24

දහම් පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වෙන පාලි භාෂා ප්‍රවර්ධන විභාගය පෙබරවාරි මස 22 වන දින පෙරවරු 09.00 සිට 12 .00 දක්වා විභාග මධ්‍යස්ථාන 15ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

Posted On Tuesday, 18 February 2020 05:19

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ රැස්වීමක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (15)දින පැවැත්විණි.

Posted On Monday, 17 February 2020 06:55

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ.

Posted On Thursday, 13 February 2020 10:06