Friday, 26 April 2024

මහ බැංකුවේ නිද්‍රාවට තමන්ටම තරවටු කරගත් ජනාධිපති

Posted On Thursday, 18 June 2020 10:30


ශ‍්‍රී ලංකා මහ බැංකුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ තියුණු විවේචනයකට ලක්විය. මහ බැංකු පණත අනුව ස්වාධීනය. මුල්‍ය මණ්ඩලයට සියළු බලතල ඇත. මහ බැංකු පණත අනුව එහි නියෝජිතයෝ පස් දෙනෙකි. අධිපතිවරයා, මුදල් අමත්‍යංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ නිර්දේශ හා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුව ජනාධිපතිවරයා පත් කරන ස්වාධීන නියෝජිතයෝ තිදෙනෙකි.

 
දැනට අධිපතිවරයා වශයෙන් කටයුතු කරන මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂමන් වත්මන් ජනාධිපතිවරයා ගේ තෝරා ගැනීමකි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ දැනට සිටින අනෙක් එකම නියෝජිතයා ද ආණ්ඩුවට ලැදියාවක් සහිතය.
තවත් නියෝජිතයන් දෙදෙනෙකු පත් කළ යුතු නමුත් එයට සුදුසු නම් ව්‍යවස්ථා සභාවට මෙතෙක් යොමු කර තිබේ දැයි පැහැදිලි නැත. මුදල් පණත අනුව තීරණ ගැනීමට සම්පූර්ණ මණ්ඩලයේ නියෝජිත පිරිස අතරින් තුන් දෙනෙකු ප‍්‍රමාණවත්ය. දැනට සිටින මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනා කොවිඞ්-19 අර්බුදයට පත් කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග යෝජනා නොකරන්නේ නම් වෙන කාගේවත් වරදක් නොවන බව පැහැදිලිය.
:www.sannasa.org වෙතින් ගත් බව සදහන් කරමින් මෙම ප‍්‍රවෘත්තිය නැවත පළ කිරීමට බාධාවක් නැත*

Read 349 times