Friday, 29 March 2024

වසරේ දක්ෂත ම පා පන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

Posted On Friday, 30 December 2016 08:53

වසරේ දක්ෂත ම පා පන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

පෘතුගාල සහ රියාල් මැඩ්රීඩ් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 වසර සඳහා වූ බැලැන් ඩෝ සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඔහු මෙම සම්මානය හිමි කර ගත් සිව් වැනි අවස්ථාව මෙය වේ.


අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කළ වාර්ෂික බැලැන් ඩෝ සම්මාන ප්‍රදානය ස්පාඤඤ්යේ මැඩ්රීඩ්හිදී පැවැත්විණ.

සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම පා පන්දු ක්‍රීඩකයා සම්මානය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබිණ.

රොනාල්ඩෝ මීට පෙර අවස්ථා 3 කදී මෙම බැලැන්ඩෝ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ 2008, 2013 සහ 2014 වසරවලදී ය.

ම්මානයට පාත්‍ර වීමෙන් පසු රොනාල්ඩෝ පැවසුවේ, සිව් වැනි වරටත් මෙම සම්මානය දිනා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බව ය.

පෘතුගාල ජාතික කණ්ඩායමේ සහ රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම පිළිබඳව සතුටට සහ ආඩම්බරයට පත් වන බව ත් ඔහු එහිදී පැවසී ය.

රොනාල්ඩෝ, මේ වසරේ පැවති ජාතික සහ ක්‍රීඩා සමාජ පාපන්දු තරග 54 කදී ගෝල 51 ක් රැස් කර තිබේ.

වසරක කාලක් පාපන්දු පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම බැලැන්ඩෝ සම්මානය ප්‍රදානය කරනු ලබයි.

Read 1553 times