පරිගණක ආශ්‍රිතව පැවැත්වෙන කොරියානු භාෂා ප්රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කළ පසුගිය 26 දින දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අයදුම්පත් 3931 ක් නිකුත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශය පවසයි.
ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ විහාරස්ථානයේ මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.
දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටින පාසල් සිසුන් ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ දි සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.