Saturday, 27 April 2024
නව පුවත්

සියලු ම විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විභාගය පැවැත්විම සඳහා ජූනි මස 15 වන දින සිට එම පීඨ විවෘත කිරිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Posted On Tuesday, 26 May 2020 16:50

ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම සමග ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී මහජන අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

Posted On Tuesday, 26 May 2020 16:49

අනිද්දා සිට එනම් 2020-05-26 දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Posted On Monday, 25 May 2020 16:32

හෙට, 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය nනැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

Posted On Monday, 25 May 2020 16:31

සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 24 වන ඉරුදින සහ 25 වන සඳුදා දිනයන්හි දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

Posted On Sunday, 24 May 2020 16:47