දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටින පාසල් සිසුන් ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ දි සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) න් ආරම්භ කෙරෙන අතර හෙට (28) සිට මාර්තු 02දා දක්වා මෙලෙස අයඳුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරින් ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කර ජනතවට අවශ්‍ය සේවය ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.