Sunday, 04 May 2025
Editor

Editor

අද (18) සහ හෙට (19) දෙ දින විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන  වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 1800ක් යොදවා ගැනීමට නියමිතය.
 

දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල පැ.කි.මී.40-50 දක්වා) සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊශ‍්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයින් හේතු කොටගෙන ඊශ‍්‍රායල් රැකියා අවදානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.  අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ පසුගිය දා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවති, ඊශ‍්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ‍්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
 

කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ

රාජ්‍ය කළමනාකරණ සහකාර 111 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012(1) 2016 (2017) විභාගය ලබන 20 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව අද (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ ශාලාවේදී ආරම්භ වේ.

2017 මැයි මස 09 වැනිදා Daily Mirror පුවත්පත

2017 මැයි මස 09 වැනිදා daily Mirror පුවත්පත

ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කිරීමට නියමිතය.