Thursday, 25 April 2024

ඉන්දු ලංකා ද්වීපාර්ශවික සාකච්ඡා හෙට ඇරඹෙයි Featured

Posted On Sunday, 01 January 2017 09:45

ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දු ලංකා ද්වීපාර්ශවික සාකච්ඡා දෙවන වටය හෙට කොළඹදී පැවැත්වෙයි.

ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ධීවර ගැටළුවට අවසන් විසඳුමක් සෙවීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය මෙම ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කර තිබේ.


ඒ අනුව එහි පළමු සාකච්ඡා වටය පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලිහිදී පැවැත්වුණි.

හෙට(02) පස්වරු 2.00ට කොළඹ දී පැවැත්වෙන දෙවන වටයේ සාකච්ඡාව සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් එරට කෘෂිකර්ම හා සුබසාධන කටයුතු රාධා මොහාන් සිං මහතා ප්‍රමුඛ 11 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සහභාගී වන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.

 ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ද 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතය.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් නාවික හමුදා නිලධාරීන් ඇතුළු ඊට අයත් බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.

Read 1441 times