Thursday, 18 April 2024

සන්නස ක්‍රීඩා

දෝනි යන්නම යයි

Posted On Tuesday, 18 August 2020 09:22

ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී 'චැම්පියන් ශූරතාවත්' (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

Read 690 times