Friday, 29 March 2024

සන්නස ක්‍රීඩා

ක්‍රීඩා දියු­ණු­වට ඇමැ­තිට උප­දෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මහේ­ලට

Posted On Friday, 21 August 2020 09:20
ක්‍රීඩා දියු­ණු­වට ඇමැ­තිට උප­දෙස් දෙනජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මහේ­ලට
14කගෙන් යුත් කමි­ටුවේ සංග­ක්කාර හා යුද හමු­දා­පති සාමා­ජිකයන් ලෙස පත් වෙයි 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණු කිරීම සංව­ර්ධ­නය හා එහි ප්‍රති­පත්ති, ක්‍රීඩා ප්‍රමි­තිය ඒ ආශ්‍රිත යටි­තල පහ­සු­කම් නගා සිටු­විය හැකි ආකා­රය පිළි­බඳ ඇමැ­ති­ව­ර­යාට උප­දෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභා­පති තන­තු­රට හිටපු ක්‍රිකට් නායක මහේල ජය­ව­ර්ධන මහතා පත් කරයි. එහි කමිටු සාමා­ජි­ක­යකු ලෙස හිටපු ක්‍රිකට් නායක කුමාර සංග­ක්කාර මහතා නම්කොට ඇති අතර යුද හමු­දා­පති මේජර් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාද කමිටු සාමා­ජි­ක­යන් අතර වේ. ජාතික ක්‍රීඩා සභා­වට ඒ ඒ ක්‍රීඩාවලට අදාළ ප්‍රවී­ණ­යින් 14ක් නම්කොට ඇති අතර නිල වශ­යෙන්ම ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජෙන­රාල් නීතිඥ අමල් එදි­රි­සිංහ මහතා පත්ව සිටී.

ජාතික ක්‍රීඩා සභාවේ අභි­නව සාමා­ජි­කයෝ ඊයේ සවස පත්වීම් ලබා එහි සමා­ර­ම්භක රැස්වී­මද පැවැ­ත්වූහ.

නව ක්‍රීඩා සභාව බහු­විධ අංශ­වල පළ­පු­රුදු වෘත්ති­ක­ය­න්ගෙන් සම­න්විත වන අතර, ඔවුහු සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍ය­න්ත­රව ශක්ති­මත් ක්‍රීඩා සංස්කෘ­තිය නැවත ගොඩ­නැං­වීම හා පුන­ර්ජී­ව­නය කිරීම සඳහා අඛ­ණ්ඩව දායක වන්නෝ වෙති.

මෙතෙක් උප­දෙස් පම­ණක් සැපයූ ක්‍රීඩා සභා­වක් වෙනු­වට වඩාත් ශක්ති­මත් කාර්ය ශූර ශ්‍රී ලංකා­වට වඩාත් ඵල­දායී ප්‍රති­පල හා ජය­ග්‍ර­හ­ණ­යක් රැසක් අත්ක­ර­දීම උදෙසා ක්‍රියා­කාරී බල­තල සහිත ජාතික ක්‍රීඩා සභා­වක් ලෙස අභි­නවයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභා­වට කට­යුතු කළ හැකි බව ක්‍රීඩා ඇමති නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

මහේල ජය­ව­ර්ධන මහතා - (සභා­පති), කුමාර් සංග­ක්කාර මහතා - (සාමා­ජික), මේජර් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා - (සාමා­ජික), රොවේනා සම­ර­සිංහ මිය - (සාමා­ජික), සංජීව වික්‍ර­ම­නා­යක මහතා - (සාමා­ජික), ජූලි­යන් බෝලිං මහතා - (සාමා­ජික), යශ්වන්ත් මුරු­ත්තෙ­ටු­ව­ගම මහතා - (සාමා­ජික), සුපුන් වීර­සිංහ මහතා - (සාමා­ජික), කස්තුරි විල්සන් මිය - (සාමා­ජික), රුවන් කෑර­ගල මහතා - (සාමා­ජික), රාජිත අම්පෙ­මො­හොට්ටි මහතා - (සාමා­ජික), රොහාන් ප්‍රනාන්දු මහතා - (සාමා­ජික), ඩිලන්ත මාල­ග­මුව මහතා - (සාමා­ජික), නීතිඥ අමල් එදි­රි­සිංහ මහතා - (සාමා­ජික)

Read 698 times