Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

කොරෝනා වෛරසය හේතුවෙන් නතර වූ පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් - ක්‍රීඩා ඇමති කියයි

Posted On Wednesday, 26 August 2020 10:33
 

කොරෝනා ගෝලීය වසංගතයත් සමග නතර කෙරුණු ඇතැම් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ක්‍රීඩා යන අමාත්‍යංශ එකගතාවයට පැමිණ තිබෙනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡකදී මෙම එකගතාවයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා සෞඛ්‍ය යන අමාත්‍යංශ දෙකේම ඉහළ නිළධාරින් සහභාගි වු අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ ඇතැම් පාසල් ක්‍රීඩා පැවැත්වීමට අමාත්‍යංශ දෙකම එකගවු බවයි මෙම සාකච්ඡාවෙන් පසු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින වාතාවරණය මත පැවැත්විය හැකි ක්‍රීඩා ගණනාවක් හදුනාගෙන ඇති නමුත් ඒ පිළිබද අවසන් තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ගන්නා බවයි. කෙසේවෙතත් හැකි ඉක්මණින් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට හැකිවෙතැයි නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සාකච්ඡාවෙන් අනතුරුව විශ්වාසය පළ කළා.

Read 666 times