Thursday, 18 April 2024

සන්නස ක්‍රීඩා

46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමේ Featured

Posted On Saturday, 10 October 2020 16:24

කොරෝනා තත්වය හේතුවෙන් අද සහ හෙට 10 සහ 11 දෙදින තුළ කතරගමදී පැවැත්වීමට නියමිතව තිබූ 46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාරතමේන්තුව සැළසුම් කර තිබූණි. එම තරඟාවලියට සමගාමීව මැරතන් තරඟ, ඇවිදීම, පා පැදි රේස් ඇතුළු තරඟ කිහිපියක් එළඹෙන සතියේදී කතරගමදී පැවැත් වීරමට කටයුතු සංවිධානය කර තිබිණි. රටේ පවත්නා වර්තාමන තත්වය හේතුවෙන් මෙම තරඟ සියල්ල දින නියමයක් නොමැතිව කල් දැමූ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read 835 times