Saturday, 20 April 2024

සන්නස ක්‍රීඩා

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කෙරේ Featured

Posted On Friday, 19 February 2021 07:37

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.

නව තේරීම් කමිටුවක් ද ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

Read 692 times