Wednesday, 24 April 2024

සන්නස ක්‍රීඩා

රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට උසස්වීමක් Featured

Posted On Tuesday, 31 August 2021 10:28

රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට උසස්වීමක්


ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නිල උසස්වීම්

ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේ F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් මීටර් 67.79 ක දක්‍ෂතාවයක් පෙන්නුම් කරමින් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ගේ අනුමැතිය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බළලත් නිලධාරි 1 නිලයට උසස් කර ඇත.

Read 576 times