Friday, 02 May 2025

සන්නස ක්‍රීඩා

සුරංගගේ පස්වන ශතකයෙන් ඔස්ට්‍රේලියාවට අන්ත පරාජයක්

Posted On Tuesday, 07 February 2017 05:01

පන්දුවාර විස්ස දෘශ්‍යාබාධිත

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ,  ඕස්ටේ‍්‍රලියානු දෘශ්‍යාබාධික ක‍්‍රිකට් කණ්ඩායම කඩුලූ අටකින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලූ 05ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 2ක දී කඩුලූ දෙකක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුරංග සම්පත් නොදැවී ලකුණු 105 ක් රැස් කළා.

ඔහු මෙම තරගාවලියේ දී රැස් කළ පස්වන ශතකය මෙය වීමද විශේෂත්වයක්.

 

Read 1199 times