ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිය මංගල ටෙස්ට් තරගය, සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය යන අවස්ථා තුනම සටහන් කරමින් ටෙස්ට් පිටියෙන් සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ උණුසුම් ගෞරවාචාර පුද කළහ.
ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස හා ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එක්ව සිටි අතර, රන් ආලේපිත විශේෂ සමරු සිහිවටනයක්ද මැතිවිස්ට පරිනැමිණි