Friday, 02 May 2025

සන්නස ක්‍රීඩා

ජාතික බර ඉසිලීමේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාවට

Posted On Friday, 05 January 2018 05:13

ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.


තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට පළගසිංහ පීකේඅයිබිකේ සම්මාන හිමි කර ගත් අතර එම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් සම්මාන හිමි කර ගන්නා ලදි.

මෙහිදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කිරීමට ද ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්කම් දක්වන ලදි.

කිලෝ ග්රූම් 58 බර පංතිය යටතේ නායක ගුවන් කාන්තා රාජපක්ෂ ආර්එම්එන්එස් සහ කිලෝ ග්රූම් 105 ට වැඩි බර පංතිය යටතේ නායක ගුවන් භට චාරුක එබ්පී එම වාර්ථාවන්ට හිමිකම් කියන ලදි.

තව ද කණිෂ්ඨ අංශයේ පිරිමි අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

එහිදී කණිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් භට ජයසේන යූආර්ආර් සම්මාන හිමි කර ගන්නා ලදි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය මගින් සංවිධානය කර ඇත.

Read 1889 times