දසත

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන්ගේ ධුර කාලය අද (31) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

ඒ වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සමුදීමේ උත්සවයක් ද බෑන්කි මූන් ඊයේ (30) දිනයේ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ විනය කඩකීරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ක්‍රීඩකයෙකුට කළමනාකාරීත්වය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව වාර්තාවනවා.

මෙම ක්‍රීඩකයාට විනය විරෝධී චෝදනා 2ක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් යොවුන් පිලේ කළමනාකාරීත්වය එම ක්‍රීඩකයා සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව කිසිඳු දෙයක් නොපවසන ලෙස සෙසු යොවුන් ක්‍රීඩකයන්ටද කණ්ඩායම් කළමණාකාරීත්වය බලපෑම් කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

උදා වූ 2017 නව වසරේදී මළල කී‍්‍රඩාව වෙනුවෙන් දේශීයව සහ ජාත්‍යන්තරව පැවැත්වෙන තරගාවලි පිළිබඳ කාලසටහනක් ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය විසින් එළිදක්වා තිබෙනවා.

තරග පැවැත්වෙන නියමිත කාලසටහනක් සකස් කර නොතිබීම නිසා මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ පුහුණුකරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි ඉකුත් වසරේදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ බව සැලකිල්ලට ගෙන උදා වූ මෙම නව වසරේ තරග කාලසටහන කල් ඇතිව එළිදැක්වූ බව ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය කියා සිටියා.

මෙම වසරේදී මලල කී‍්‍රඩකයන් සඳහා වන පළමු තරගාවලිය වන්නේ ජාතික රට හරහා දිවීමේ තරගාවලියයි. ලබන 07 වැනිදා නුවරඑළියෙන් එය ආරම්භ වනවා.

ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර තරගාවලිය අපේ‍්‍රල් 24, 27 සහ 30 යන දිනවලදී චීනයේ සහ චීන තායිපේ හිදි පැවැත්වීමට නියමිතයි.

ආසියානු යොවුන් මළල කී‍්‍රඩා තරගාවලිය මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙනවා.

ආසියානු මළල කී‍්‍රඩා තරගාවලිය ජූනි පළමුවැනිදා සිට 04 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.

ජාතික මහා කී‍්‍රඩා උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදා සිට 18 වැනිදා දක්වා රත්නපුරයේදීයි.

ජාතික යොවුන් කී‍්‍රඩා උළෙළ සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා වෙන්පප්පුවේදී පැවැත්වෙනවා.

බුලත්සිංහලදී පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී කාන්තා පාපැදි නිමාවේදී අණතුරට ලක්වී තුවාල ලැබූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් (අද) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

Saturday, 31 December 2016 08:06

චීන ලංකා සබදතා

ලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.

“බ්‍රික්ස් සංවිධානය නැඟී එන කලාපීය හා ගෝලීය අර්බුදවලදී ප්‍රබල හවුලක් බවට පත් කිරීමට අපි එකඟ වූයෙමු” - ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

වත්මන් ගෝලීය භූ දේශපාලනික රටාව සලකා බලන කල වැඩි ශක්තියක් හා ප්‍රබල හවුලක් බවට පත් වීමට ලොව දෙවැනි පෙළ බලවතුන්ගේ දැඩි ප්‍රයත්නයක් පවතී. මෙය වඩාත් තීව්‍ර ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ බ්‍රික්ස් හෙවත් නැඟී එන ආර්ථික බලවතුන්ගේ හවුලේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙනි. එම රටවල රාජ්‍ය නායකයෝ

බ්‍රසීල ක්‍රීඩකයන්ට දිවි අහිමිවුණේ නියමුවාගේ හා ගුවන් සේවයේ වරදින් ද ?

වසරේ දක්ෂත ම පා පන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

පෘතුගාල සහ රියාල් මැඩ්රීඩ් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2016 වසර සඳහා වූ බැලැන් ඩෝ සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඔහු මෙම සම්මානය හිමි කර ගත් සිව් වැනි අවස්ථාව මෙය වේ.

F1 ලෝක ශූරයා සමු ගනී.

මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරතාව හිමිකරගත් ජර්මනියේ නිකෝ රොස්බර්ග් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

Page 8 of 9