Tuesday, 14 May 2024
Editor

Editor

ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04,05,06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රුපියල අව ප්‍රමාණය වීම ගැන මේ රටේ ජනතාවට බොරු රූපයක් මවා පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.

ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ.

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව 2018.10.01 වැනි දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ඇරඹීමට තීරණය කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2018 සැප්තැම්බර් 26 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීමක් සිදු කර තිබේ.