Friday, 19 April 2024

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද විවෘත කෙරේ

Posted On Friday, 30 November 2018 08:52

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කඑගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළගා වී ඇති අතර, එහි වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

.( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )