Tuesday, 17 June 2025

අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් 23 ඇරඹේ

Posted On Thursday, 20 December 2018 06:58

2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු 2018.12.23 දින සිට 2019.01.01 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඇගයීම් මාධ්‍යස්ථාන ලෙස පාසල් 84ක් තෝරාගෙන ඇති අතර ඇගයීම් මණ්ඩල 1780ක දී පරීක්ෂකවරු 30,000කගේ පමණ සහභාගිත්වයෙන් ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.