Friday, 19 April 2024

ඉන්ධන මිල තවත් පහළට

Posted On Friday, 21 December 2018 06:57

ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය.


ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.