Friday, 29 March 2024

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනපති සිංගප්පූරුවට

Posted On Thursday, 24 January 2019 02:27

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.



මෙම 25 වැනි දා සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඞ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී මෙම සමුළුව පැවැත්වෙන අතර ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් ඊට එක් වෙයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දෙදින නිල සංචාරය තුළ දී සිංගප්පූරු ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.