Saturday, 27 April 2024

ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අවසන් දිනය වන අද (13) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනරැළි රැසකට සහභාගීවීමට නියමිතය.

Posted On Wednesday, 13 November 2019 06:40

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදී පැවැත්වේ.



නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද මොණරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කලුතර යන නගරවල පැවැත්වෙන ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය මරදාන ටවර් රගහල අසලදී පැවැත්වෙන බවෙ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී තිස්ස අත්තනායක සදහන් කරයි.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහභාගී වන අවසන් මහා රැළිය මහරගමදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. ඒ පිළිබඳ කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ සිය ජනරැළි මාලාව ඉතා සාර්ථක ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වූ බවයි.