Sunday, 28 April 2024

හෙට 15 අනිද්දා 16 වැසි තත්ත්වය වැඩිවෙයි

Posted On Thursday, 14 November 2019 09:43

නොවැම්බර් මස 15 සහ 16 යන දිනවලදී සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සදහන් කරයි.



උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව.1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100 පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

තද වැසි සමඟ තාවකාලික සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.