Monday, 29 April 2024

කටුනායක සහ මස්කට් අතර ඍජු ගුවන් සේවයක්

Posted On Monday, 25 November 2019 12:59

ඕමානයේ, මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් සේවයක් අද ආරම්භ විය. ඒ, සලාම් එයාර් ගුවන් සේවය විසිනි. එහි පළමු ගුවන් ගමන සිදුකරමින් සලාම් එයාර් ගුවන් සේවයේ ඕ වී 431  යානය අද (25) පෙරවරු 08 ට කටුනායක ගුවන් තොටුපළට ලගා වූ බව වාර්තා වේ. ඒ, මගීන් 86 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 සමන්විතවයි.



මෙම ගුවන් යානය උදෑසන 09.10 ට කටුනායක ගුවන් තොටුපළේ සිට යළි ඕමානයේ මස්කට් බලා පිටත්ව ගියා. මින් ඉදිරියට සෑම සතියකට දින 04 ක් ඕමානයේ මස්කට් සහ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් ගමන සිදු කිරීමට නියමිතයි.